Slide
Slide
සාදරයෙන් පිළිගනිමු
මහව යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 48ක් දුරින් පිහිටි නගරයකි. මහව ප්‍රාදේශීය සභාව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සමන්විත වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම ග්‍රාම නිලධාරී කොට්ඨාස 96 කින් සමන්විත වේ. ග්‍රාම නිලධාරී කොට්ඨාශ 96 ක මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 410 ක් වේ
Slide
සාදරයෙන් පිළිගනිමු
මහව යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 48ක් දුරින් පිහිටි නගරයකි. මහව ප්‍රාදේශීය සභාව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සමන්විත වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහිම ග්‍රාම නිලධාරී කොට්ඨාස 96 කින් සමන්විත වේ. ග්‍රාම නිලධාරී කොට්ඨාශ 96 ක මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 410 ක් වේ
Slide
Slide
Slide
previous arrow
next arrow

WhatsApp හරහා අපව සම්බන්ද කරගන්න

අපගේ මාර්ගගත ගෙවීම් පද්ධතිය දැන් විවෘතයි

මුහුණු පොත

කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම්

සැපයුම්කරුවන් ලියාපදිංචිය - 2026

ප්‍රසම්පාදන - 2025

ඔබගේ ගෙවීම් කටයුතු පහසුවෙන් සිදුකිරීමට මෙම QR කේත භාවිතා කරන්න.

අපගේ අරමුණු

ප්‍රදේශවාසී ජනතාවට පොදු පහසුකම් ලබා දී ජීවිත සැපවත් කිරීම

අපගේ මෙහෙවර ප්‍රකාශය

ප්‍රදේශවාසී ජනතාවට හැකි උපරිම මට්ටමින් ජලය, සෞඛ්‍ය, මංමාවත්, පුස්තකාල, අධ්‍යාපන පහසුකම් ලබාදීම හා ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා ඵලදායික කාර්යක්ෂම සේවාවක් කිරීම

ශ්‍රී ලංකාව පුරා පළාත් පාලන ආයතන පාලනය කරන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී. ප්‍රාදේශීය ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලමින් කලාපයේ මහජන සේවා, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය කිරීමේදී මෙම පළාත් පාලන ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සභාපතිවරයාගේ පණිවිඩය

A.M. P. R. සුමේද කුමාර හේරත්
ගරු සභාපති
මහව ප්‍රාදේශීය සභාව

මහව ප්‍රාදේශිය සභා වෙබි අඩවිය සදහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. අනු අට දහසකට අධික ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරනු ලබන ප්‍රධාන මහජන  නියෝජිතවරයා ලෙස මා සතු වගකීම් සහ යුතුකම්  ඉටු කිරිමේදි වඩාත් කාර්යක්ෂමව අපක්ෂපාතීව ඉටු කිරිමට බලාපොරොත්තු වෙමි.

කාර්යබහුල සේවාලාභින්ට කාර්යාලය තුලට ප්‍රවේශ වී සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි අවස්ථාවන්හි දි මහව ප්‍රාදේශිය සභා නිල වෙබි අඩවිය මගින් තොරතුරු ලබා ගැනීමත් ඒ තුලින් අවශ්‍යතාව ඉටු කර ගැනීමටත් හැකිවනු ඇතැයි  මා අපේක්ෂා කරමි.

ලේකම්වරයාගේ පණිවිඩය

ඒ. බී .නිමල් රත්නායක,
ලේකම්
මහව ප්‍රාදේශිය සභාව

මහව ප්‍රාදේශීය සභා වෙබ් අඩවියට පිවිසෙන ඔබ ගෞරවයෙන් පිළිගනිමි.මහව සහ අඹන්පොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අයත් වසම් 96ක වර්ග කිලෝමිටර් 410 ක්  පමණ වු භූමි ප්‍රදේශයක් තුල,ජිවත් වන්නා වූ  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය හා සැප පහසුව පිණිස මහජන සෞඛ්‍ය පොදු මංමාවත් සහ පොදු උපයෝගිතා සේවා පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීමත්  ප්‍රාදේශීය සභා මහජන නියෝජිතවරුන්, නිලධාරීන්  හා ප්‍රජාව සම්බන්ධ කර ගනිමින්  යහපත් මුල්‍ය විනයක් පවත්වාගෙන යාම තුලින් විනිවිදභාවයක් ඇති කර බදු ගෙවන ජනතාවට සභාව සතු සිමිත සම්පත් වලින් උපරිම සේවාවක් සැලසීමත් මාගේ අරමුණ  වන්නේය .