தீம் பாடல்

ගමට ජීවය සැමට සුබ සෙත
පැතුම විය නිතිනේ
මහව ප‍්‍රාදේශීය සභා නම රකිමු අප නිතිනේ ………..//

නගර ගම් වැසි
සියළු ජන සිත් සතන්
තුටු වන පිණිස නිතියෙන්
නතරකොට වේ ගලන නදියක්
ලෙසින් මෙහෙයට යොදන අටියෙන්
වසර ගණනක් පුරා අප හැර
ගෙනා ලද මෙහෙවරට ඔබගෙන්
සසර වසනා පුරා සමරමු
අමිල ගුණ වූ සුවඳ බැතියෙන්

ගමට ජීවය සැමට සුබ සෙත පැතුම විය නිතිනේ
මහව ප‍්‍රාදේශීය සභා නම රකිමු අප නිතිනේ

භාවනාවක් වැනි වූ පැතුමකි
ගමට ජීවය සැමට සුභ සෙත
පහව යයි ඒ තුළින් දොම්නස
දුකද සමගින් කදුළු පිරි නෙත
දහවලය රෑ කියා වෙනසක්
නැතිව සෙනහස රැදුන හැමවිට
මහව ප‍්‍රාදේශීය සභා මෑණියන
සනසන්න අප සිත්

ගමට ජීවය සැමට සුබ සෙත
පැතුම විය නිතිනේ
මහව ප‍්‍රාදේශීය
ගමට ජීවය සැමට සුබ සෙත
පැතුම විය නිතිනේ,
මහව ප‍්‍රාදේශීය සභා නම රකිමු අප නිතිනේ ………..//