1924 ගම් සභා පනත මඟින් ස්ථාපිත වූ ගම් කාර්ය සභා පාලන ක්‍රමය 1981 සිට දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයට පරිවර්තනය වූ අතර, 1987 ප්‍රාදේශීය සභා පනත මඟින් 1988 සිට ප්‍රාදේශීය සභා නමින් පළාත් පාලන ආයතන ආරම්භ විය.
මේ අනුව ගම් කාර්ය සභා පාලන අවධියේ මහව, බලල්ල සහ අඹන්පොල ගම් කාර්ය සභා යනුවෙන් කී්රයාත්මක වූ බල ප්‍රදේශය වත්මන් මහව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඇතුළත් වේ.
දිස්ත්‍රික් සංවර්ධන සභා 1981 සිට ක්‍රියාත්මක වීම තුළ ගම්සභා බල රහිත වූ අතර, කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන සභා යටතට ගැණිනි. මහව, බළල්ල, අඹන්පොල ගම් කාර්ය සභා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ උප කාර්යාල ලෙස පරිවර්තනය විය. 1988 දක්වාම එම ක්‍රමය ක්‍රියාත්මක විය.
මහව ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාව ආරම්භ වූයේ 1991 ජූලි මස 01 වන දිනය. මේ අතර කාලය තුළ පැරණි ගම් සභා සහ දිස්ත්‍රික් සංවර්ධන සභා උප කාර්යාල ගම් සභාපති යටතේද, බලයලත් නිලධාරීන් යටතේද, කාර්ය සභා නිලධාරීන් යටතේද, විශේෂ කොමසාරිස්වරුන් සහ පාලන නිලධාරීන් යටතේද වරින් වර පාලනය වී තිබේ. මහව ප්‍රාදේශීය සභාවට අයත් පැරණි මහව ගම් සභාවේ අවසන් ගරු සභාපති ලෙස මහව පයිලිගම අයි.එම්.පුංචිරාළ මැතිතුමාද, බළල්ල ගම් කාර්ය සභාවේ අවසන් සභාපති ලෙස බළල්ල විලව පදිංචි ඩබ්.එම්.හේරත් බණ්ඩා මැතිතුමාද, අඹන්පොල ටියුඩර් රාජපක්ෂ මැතිතුමාද කටයුතු කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන සභාව යටතේ පදිංචි මුදියන්සේ මැතිතුමාද, මහව, අඹන්පොල, බළල්ල යන දිස්ත්‍රික් සවර්ධන සභා උපකාර්යාල බල ප්‍රදේශ නියෝජනය කළ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයාය. දිස්ත්‍රික් සංවර්ධන සභා බල රහිත වූ විට විශේෂ කොමසාරිස් ලෙස මහව ප්‍රාදේශීය ලේකම් ඒ.ඩී.ඩබ්.පෙරේරා මහතා කටයුතු කර ඇත.
තවද, වත්මන් මහව ප්‍රාදේශීය සභාව, මහව සහ අඹන්පොල ප්‍රාදේශීය මහ ලේකම් බල ප්‍රදේශ දෙකකින් සමන්විත වන අතර, ග්‍රාම නිලධාරී වසම් 96 කි. වත්මන් මැතිවරණ ක්‍රමය අනුව මහව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 37 කි.මහව ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. ප්‍රථම සභාවේ පාලන බලය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයට වන අතර, එම සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10 දෙනෙකි. විපක්ෂයේමන්ත්රීරවරුන් 08 දෙනෙකු වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 05 දෙනෙකුද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන්, බහුජන නිදහස් පෙරමුණෙන් සහ නව සම සමාජ පක්ෂයෙන් එක් අයෙකු බැගින් විපක්ෂය සමන් විත විය.
ප්‍රථම සභාවේ ගරු සභාපති ලෙස කටයුතු කළේ අඹන්පොල වරාගම්මන ඩබ්.ඒ.එම්.කළුබණ්ඩා මහතාය. 1995අප්‍රේල් මස 09 වන දින හදිසියේ රෝගාතුරව ඔහු අභාවප්ප්‍රාප්ත වීම නිසා පුරප්පාඩු වූ සභාපති තනතුරට එතෙක් උපසභාපති ලෙස කටයුතු කළ මහව, අටවරල අයි.එස්.ඒ.කබීර් මහතා 1995.06.26 වන දින තේරී පත් විය. උප සභාපති ධූරය මානින්ගමුව, මහව, ආර්.අයි.බී.ජිනදාස මහතාට 1995.09.20 දින හිමි වූ අතර, පුරප්පාඩු වූ මන්ත්‍රී තනතුර, මහව – දළදාගම ඩී.එම්.ටී.බී.තෙන්නකෝන් මහතාට හිමි විය. තවද, නව සම සමාජ පක්ෂයේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව සිටි කේ.ජී.ඩී.විපුලසේන මහතා ධූරය අතහැර යාමෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධූරයට 1996.11.23 වෙනි දින ගල්ගමුව පලුකන්දෑවේ කේ.එම්.විජේරත්න මහතා පත්විය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ගරු ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ලෙස කටයුතු කළ අඹන්පොල , කිරිමැටියාවේ එම්.එච්.බී.කළුබණ්ඩා මහතා 1996.11.16 දින අභාවප්ප්‍රාප්ත වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කිසිවකු පත් කරනු නොලැබිණි.
මේ අතර 1997.01.07 දින සිට ගරු සභාපති අයි.එස්.බී.කබීර් මහතා තනතුරෙන් ඉවත් කිරීම නිසා පුරප්පාඩු වූ සභාපති තනතුරට එවකට උපසභාපති ලෙස කටයුතු කළ ආර්.අයි.බී.ජිනදාස මහතා පත් කරන ලදී. අනතුරුව 1997.01.27 වන දින ප්‍රාදේශීය සභාව විසුරුවා හරිනු ලැබූ අතර, විසුරුවා හරින අවස්ථාවේ සභාවේ උපසභාපතිවරයකු පත්කර සිටියේ නැත. සභාවේ වැඩ ආවරණය කිරීම සඳහා මහව ප්‍රාදේශීය මහ ලේකම් ඊ.එම්.ඩී.බී.ඒකනායක මහතා පත් කරන ලදී.
මේ අනුව මහව ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාවේ නිල කාලය අවසන් වන විට සභාපති වශයෙන් ආර්.අයි.බී.ජිනදාස මහතා කටයුතු කළ අතර, සී.ඒ.එච්.එම්.රංබණ්ඩා මහතා, එස්.කේ.බී.මුදියන්සේ මහතා, ඩබ්.එම්.කේ.බී.අත්තනපොල මහතා, එම්.එස්.එම්.විජේරත්න මහතා, ජී.ගුණදාස මහතා, ජේ.එම්.ඒකනායක මහතා, ඩී.එම්.ටී.බී.ඒකානයක මහතා ආණ්ඩු පක්ෂයේ මනත්රීවරුන් වශයෙනුත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස අයි.එම්.ජයතිලක බණ්ඩා මහතා, එම්.කේ.ඒ.චන්ද්‍රලාල් මහතා, සී.එච්.එම්.උක්කුබණ්ඩා මහතා, කේ.එම්.මුතුබණ්ඩා මහතා, පී.එම්.ගුණතිලක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ද, ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ද, එච්.එම්.පියදාස මහතා බහුජන නිදහස් පෙරමුණ නියෝජනය කරමින්ද, කේ.එම්.විජේරත්න මහතා නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින්ද කටයුතු කළහ.
1997 මාර්තු මස 21 වෙනි දින පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණට පාලන බලය හිමි වූ අතර, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ද ,එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 07 දෙනෙකුද තේරී පත් වූහ. මෙම මැතිවරණය සඳහා තරඟ කළ ජනතා විමුක්ති පෙරමුණට සහ මහජන එක්සත් පෙරමුණට එකදු ආසනයක්වත් ලබාගත නොහැකි විය.
මෙම සභාවේ සභාපති වශයෙන් මහව, වැලියායේ පදිංචි ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මහතාද, අඹන්පොල, අනුරාධපුර පාර, ජයශංඛනී හි පදිංචි එම්.කේ.ඒ.චන්ද්‍රලාල් මහතා උපසභාපති වශයෙන් ද තේරී පත් විය. 1998.12.27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ගරු සභාපතිවරයාව සිටි ආර්.එම්. බණ්ඩාර රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමනිසා එතෙක් උපසභාපති ලෙස කටයුතු කළ එම්.කේ.ඒ.චන්ද්‍රලාල් මහතා 1998.12.10 වන දින සිට සභාපති තනතුරේ වැඩ භාර ගත්තේය. ආර්.එම්.බණ්ඩාර රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා අඹන්පොල අනුරාධපුර පාරේ එස්.මජීඩ් මහතා 1990.01.29 දින පත්විය. පුරප්පාඩු වූ උපසභාපති ධූරය සඳහා බළල්ල, රැකෝගම කේ.එම්.මුතුබණ්ඩා මහතා 1999.05.27 දින වැඩ භාර ගන්නා ලදී.
මෙම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස එම්.කේ.ඒ.චන්ද්‍රලාල් මහතා වැඩ භාරගත් පසු උපසභාපති ලෙස කේ.එම්.මුතුබණ්ඩා මහතාත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස පී.එම්.ගුණතිලක මහතා, කේ.ජී.ඩී.විපුලසේන මහතා, එච්.එම්.පියදාස මහතා, අයි.එම්.ජයතිලක බණ්ඩා මහතා, එච්.පියසේන මහතා, එස්.එම්.ටිකිරිබණ්ඩා මහතා, එච්.එම්.විජිත අමුණූගම මහතා, එස්.එම්.බන්දුල පුෂ්පකුමාර මහතා, සහ එස්.මජීඩ් මහතා කටයුතු කළ අතර, විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් ලෙස ආර්.අයි.බී. ජිනදාස මහතා, එස්.කේ.බී. මුදියන්සේ මහතා, ආර්.එම්.ප්‍රේමදාස මහතා, ආර්.ඩබ්.බී.එම්.ආර්. දිසානායක මහතා, එච්.එම්. බණ්ඩාර මාකඩුවාව මහතා, බී. උපාලි මහතා, සහ ආර්.එම්. රත්නායක මහතා කටයුතු කළහ.
2002 මාර්තු 20 වන දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි විය.මෙම මැතිවරණයේ දී දක්නට ලැබුණූ සුවිශේෂ ලක්ෂණය වූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් මහව ප්‍රාදේශීය සභාවට තේරී පත්වීමයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙක්ද, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රීරවරුන් 05 දෙනෙක්ද, ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද මහව ප්‍රාදේශීය සභාවේ තුන්වන සභාව නියෝජනය කරයි. තවද සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රථම වතාවට තුනෙන් දෙකක ජන වරමකින් එක්සත් ජාතික පෙරමුණූ පක්ෂයට පාලන බලය හිමි වීමයි.
2004.04.15 වන දින සිට මහව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස මහව, මූණමලේගම පදිංචි රත්නායක මුදියන්සේලාගේ ප්‍රේමදාස මහතාත්, උපසභාපති ලෙස අඹන්පොල තුන්සියගම අංක 21හි පදිංචි ආර්.ඩබ්.බී.එම්.ආර්. දිසානායක මහතාත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස ආර්.අයි.බී. ජිනදාසමහතා, එස්.කේ.බී. මුදියන්සේ මහතා, එච්.එම්. බණ්ඩාරමාකඩුවාව මහතා, එම්.එස්.එම්. විජේරත්න මහතා, ඩී.එම්.ටී.බී. තෙන්නකෝන් මහතා, එස්.ඒ.එම්. නෂාර්දීන් මහතා, ඩබ්.ඒ.එම්.ප්‍රියන්ත හේරත් මහතා, අයි.එම්.අනුර බණ්ඩාර මහතා, බී.ඩී.ඒ.සුනිල් සෙනරත් මහතා සහ ඩී.එම්.සරත් දිසානායක මහතාත් කටයුතු කළ අතර, විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් ලෙස කේ.එම්. මුතුබණ්ඩා මහතා, එච්.එම්. පියදාස මහතා, එස්.එම්. බන්දුල පුෂ්පකුමාර මහතා, එම්.එම්.ආර්.ආර්.ඩබ්.කේ. මැදගෙදර මහතා සහ ආර්.ඩී.සුනිල් ප්‍රේමරත්න මහතා කටයුතු කරනු ලැබීයවිපක්ෂයේ ගරු මන්ත්‍රීවරයකුව සිටි එම්.කේ.ඒ.චන්ද්‍රලාල් මහතා 2004 වර්ෂයේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී යාම නිසා එම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වූ අතර, ඒ සඳහා අඹන්පොල, පීල්ල පදිංචි වයි.ඩග්ලස් ජයසූරිය මහතා පත් විය. මෙම සභාවේ නිළ කාලය 2006.04.15 දිනෙන් අවසන් විය.
2006 මාර්තු 30 වන දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලබාගත් මනාප ප්‍රමාණය අනුව එස්.එම්.බන්දුල පුෂ්පකුමාර මහතා 2006.04.16 වන දින ගරු සභාපති වශයෙන් තේරී පත් වූ අතර, එම්.එම්.ආර්.ආර්.ඩබ්.කේ.මැදගෙදර මහතා ගරු උපසභාපති වශයෙන් තේරී පත්විය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මන්ත්‍රී වරු එකොළොස් දෙනෙක්ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් වශයෙන් තේරී පත් වූ අතර, 2011.01.06 වන දින එම සභාවේ නිළ කාලය අවසන් වේ. 2011 මාර්තු මස 17 වන දින පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් නැවතත් වැඩිම මනාප ලබා ගනිමින් දෙවන වරටත් සභාපති ධූරයට එස්.එම්.බන්දුල පුෂ්පකුමාර මහතා පත්විය.එභෙත් වයඹ පළාත් සභාවේ ගරු ප්‍රධාන අමාත්‍යතුමා විසින් 1987 අංක 15 දරණ පනතේ විධි විධාන වලට අනුකූලව එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එස්.එම්.බන්දුල පුෂ්පකුමාර මහතා ඉවත් කරන ලද අතර, ගරු උපසභාපති ලෙස කටයුතු කළ එම්.එම්.ආර්.ආර්.ඩබ්.කේ.මැදගෙදර මහතා සභාපති වශයෙන් තෝරාපත් කරන ලදී.
ඒ අනුව ගරු ප්‍රා.සභා මන්ත්‍රී ආර්.නිමල් වික්‍රමසිංහ මහතා මෙම සභාවේ උපසභාපති ලෙස පත්කර ඇත. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්දානයේ මන්ත්‍රීවරු ලෙස එස්.එම්.බන්දුල පුෂ්පකුමාර මහතා, එච්.පියසේන මහතා, ජී.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතා, ඩී.එම්.මහින්ද බණ්ඩාර මක්මීවැව මහතා, කේ.එම්.මුතුබණ්ඩා මහතා, එච්.එම්.අබේරත්න මහතා, ඊ.එම්.සුනිල් ඒකනායක මහතා, එච්.එම්.විජිත අමුණූගම මහතා, එච්.එම්.වසන්ත ඒකනායක බණ්ඩාර මහතා සහ පී.එම්.ගුණතිලක මහතා යන ගරු මන්ත්‍රීතුමන්ලා ආණ්ඩු පක්ෂයෙන් තේරී පත් වී ඇත.
විපක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා ලෙස ආර්.එම්.ප්‍රේමදාස මහතා, ඒ.ඒ.චමින්ද කුමාර අබේසිංහ මහතා, ඩී.එම්.අප්පුහාමී මහතා, ආර්.එච්.නිහාල් ප්‍රේමසිරි මහතා සහ අයි.එම්.අනුර බණ්ඩාර මහතා පත්විය. ජනතා විමුක්ති පෙරමුණෙන් එස්.එම්.සී.බී.සමරකෝන් මහතා පත්වී ඇති අතර, 2015.05.15 නිල කාලය අවසන් වී ඇත. ඒ අනුව සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් ධූරය දැරීම අවසන් වීම හේතුකොටගෙන ප්‍රාදේශීය සභාවකට එහිකාර්යයන් කිරීමට නොහැකිවන අවස්ථාවක, එම ධූරය සම්බන්ධයෙන් පුරප්පාඩු ඇතිවීම සහ පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත යටතේ විධි විධානවලට අනුව එම පුරප්පාඩු පිරවීම්ද අතර වූ යම් කාල සීමාවක් තුලදී මේ පනත මගින් හෝ වෙනත් යම් ලිඛිත නීතියක් මගින් හෝ ප්‍රාදේශීය සභාව සභාපතිවරයා හෝ උප සභාපතිවරයා වෙත පවරා ඇති හෝ නියම කර ඇති හෝ සතුකර ඇති හෝ සියළුම අයිතිවාසිකම්, වරප්‍රසාද සහ බලතල දැරීමද කර්තව්‍ය කිරීමද ලේකම්වරයා විසින් කරනු ලැබිය යුතුය.
ඒ අනුව, 2015.05.15 වන දින සභාවේ ධූර කාලය අවසන් වීමත් සමඟ 1989 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්ති ප්‍රකාරව 2018.03.29 වන දින දක්වා කාලය තුළ එවකට ලේකම්වරයා වශයෙන් කටයුතු කළ එච්.එම්.එම්.බී.හේරත් මහතා සභාවේ බලතල ක්‍රියාත්මක කරන ලදී.
2018.02.10 වන දින පැවති පළාත් පාලන මැතිවරණය අනුව කොට්ඨාස මට්ටමින් හා සමානුපාතික ක්‍රමයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 16 ක්ද, එක්සත් ජාතික පක්ෂය සඳහා සභික ධූර 10 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා සභික ධූර 03ක්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සභික ධූර 02 ක් ද, ස්වාධීන කණ්ඩායම් 01 ක් වශයෙන් තරඟකරන ලද කණ්ඩායමට සභික ධූර 02 ක් වශයෙන් මුළු සභික සංඛ්‍යාව 33 ක් ලෙස තෝරා පත් කරනු ලැබීය. ඒ අනුව කිසිම පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමක බහුතර බලයක් නොමැතිවීම හේතුවෙන්, මහව ප්‍රාදේශීය සභාවට පත්වූ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ඡන්දයෙන් මෙම සභාව සඳහා ගරු සභාපති හා උප සභාපතිවරයෙකු පත් කරගැනීමට සිදු විය. ඒ අනුව, වැඩි බහුතරයකින් ගරු සභාපති වශයෙන් දීර්ඝ කාලයක් ගරු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අංක 18 කටුවන්නාව කොට්ඨාසය ජයග්‍රහණය කරමින් මහව ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ එච්.පියසේන මැතිතුමා, 2018 මාර්තු මස 29 දින ගරු සභාපති වශයෙන් තේරී පත් විය. ගරු උප සභාපති වශයෙන් අබකොළවැව කොට්ඨාශය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගරු මන්ත්‍රී එච්.එම්.විජිත අමුණුගම මහතා තේරී පත් විය.
ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහව ප්‍රාදේශීය සභාවේ සභික ධූරය දැරූ ඒ.පී.අබේරත්න ගුණවර්ධන මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් 2019 ජූලි 18 වන දින එම පක්ෂය නියෝජනය කරමින්, ඒ.කේ.එම්.සුජීව සම්පත් අතපත්තු මහතා මහව ප්‍රාදේශීය සභාවේ සභික ධූරයට පත් වූ අතර, 2020 සැප්තැම්බර් 14 දින එතුමා එම ධූරයෙන් ඉල්ලා අස් විය.එම ධූරය සඳහා එම පක්ෂය නියෝජනය කරමින්ඩබ්.එම්.ජී.කුමාරිහාමි මහත්මිය සභික ධූරයට පත් විය. 2021.07.01 දින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහව ප්‍රාදේශීය සභාවේ සභික ධූරය දැරූ ආර්.එම්.පේමදාස මහතා එම ධූරයෙන් පහ කිරීම හේතුවෙන් එම පක්ෂය නියෝජනය කරමින් මහව ප්‍රාදේශීය සභාවේ සභික ධූරය සඳහා ඩබ්.එම්.දිසානායක මහතා පත්විය.
2022 අයවැය කෙටුම්පත පරාජය වීම හේතු කොට ගෙන එවකට ගරු සභාපති ලෙස කටයුතු කල එච්. පියසේන මහතා සිය ධූරයෙන් ඉවත් වීමත් සමඟමසිදුකළ ඡන්ද විමසීමෙන් අනතුරුව, මහව ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එච්.එම් විජිත අමුණුගම මහතා තේරී පත් වූ අතර, උප සභාපති වශයෙන් ජී.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතා තේරී පත්විය.
එසේම සේනානායක මුදියන්සේලාගේ බන්දුල පුෂ්පකුමාර සේනානායක මහතාගේ 2023.12.23 දිනැති සභික ධූර කාලය අවසන් වීමත් සමග එම පුරප්පාඩුව සඳහා දිසානායක මුදියන්සේලාගේ පාලිත වික්‍රමසිංහ මහතා මහව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස පත්විය. එසේම වීරසූරිය මුදියන්සේලාගේ ඥාණවතී කුමාරිහාමි මහත්මියගේ ධුර කාලය 2022.12.28 අවසන් වීමත් සමග එම පුරප්පාඩුව සඳහා ලියනපේඩිගේ කුමුදුනී මුණසිංහ මහත්මිය මහව ප්‍රා දේශීය සභාවේ සභිකයෙකු ලෙස පත්විය.
ඒ අනුව 2023.03.19 වන දිනට 6 වන සැසිවාරය අවසන් විය. ඉන් අනතුරුව මහව ප්‍රාදේශීය සභාවේ ලේකම් හා බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ලෙස එස්.එම්.එන්.කේ. ගුණතිලක මහතා කටයුතු කළ අතර 2023.05.04 දින සිට ආර්.ඩී.කේ.අමරජීව මහත්මිය ද 2024.05.15 දින සිට ජේ.එම්.ප්‍රියන්ත ජයසේකර මහතා මහව ප්‍රාදේශීය සභාවේ ලේකම් බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ලෙස වර්තමානය දක්වාම කටයුතු සිදු කරනු ලබයි.
ජේ.එම්.ප්‍රියන්ත ජයසේකර
ලේකම්,
මහව ප්‍රාදේශීය සභාව.